Thursday 14 February 2013

Valentine s Day-තවත් අවුරුද්දකින් ආපහු ඒවි...!


  වැලන්ටයින් දිනය දැන් ගෙවී ගිහින් වුණත්,මෙහි සැබෑ අර්ථය තේරුම ගත්තේ කවුරුන්ද?එය ඔබෙන් ම ඇසිය වුත්තකි.මන්ද මෙදවසට චොකලට් එකක් දීලා,ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා,උත්සව පවත්වලා නැතිනම් දෙදෙනාම කොහේ හෝ තනිවෙලා සිහින වල අතරමං වීම, මෙදිනෙහි අර්ථය නොවන බැවිනි.එත්,පෙබරවාරි 14 වන දා කාගේත් කථා බහට ලක්වන දිනයක් වන අතරම එදින වැලන්ටයින් දිනය නැතිනම් ආදරවන්තයින්ගේ දිනය යැයි නම් කර ගනිමින් විවිධ වැඩසටහන් දියත් කරන දිනයක් වූ බැවිනි.
මෙදින වානිජ්‍යවාදී ව්‍යාපාරිකයෝ, තරගකාරී මාධ්‍ය ආයතන දැන් දැන් ලහි ලහියේ විවිධ කටයුතු සඳහා සූදානම් කරති. තම මාධ්‍ය ආයතන කෙරේ තරුණ කොටස් වැඩි ආකර්ශනයකට යොමුකර ගැනීමටත්, විවිධ වෙළඳ ව්‍යාපාරිකයෝ තම ලාභ අපේක්ෂාවන් වැඩිකර ගැනීමටත් යුහුසුළු වෙති.මෙහිදී ශු.වැලන්ටයින් තුමාව විකුණා කමින්ද එතුමාගේ නාමයට අපහාස වන අයුරින් ද ක්‍රියා කිරීම ලැජ්ජා සහගතය. වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි.
   වැලන්ටයින් තුමා යනු කවුද? එතුමා මේ ලෝකයට කළ කාර්යය භාරය කුමක්ද? යන යථාර්ථය නොදැන මේ ව්‍යාපාරිකයෝ අහිංසක ප්‍රේමවන්තයින් දඩමීමා කර ගනිමින් වැලන්ටයින් නාමය ඉදිරියට දමා සිදුකරන විවිධාකාර දේවල් නිසා මෙතුමා පිළිබඳව ජනතාව තුළ අවබෝධයන් ඇති කරවීමට වගකිව යුත්තෝ ක්‍රියාකළ යුතුය. එය කාලීන අවශ්‍යතාවයකි.එදා රෝමය තුළ කිතුනු පීඩන සමයක් පැවතුනු බව කවුරුත් දන්නා කරුණකි. එකල එනම් තුන්වන සියවසේ රෝම පාලකයා වු ක්ලෝඩියස් අධිරාජයා රෝම හමුදා සෙබළුන්ට විවාහ වීම තහනම් කර තිබුනි. ඒ සමයේ රෝමයේ සිටි භක්තිමත් පූජකවරයෙකි,වැලන්ටයින් තුමා. මෙතුමා මේ සඳහා රහසිගතව කටයුතු කරන ලදී. මෙම පුවත දැනගත් අධිරාජයා ක්‍රි.ව. 350 පෙබරවාරි 14 දින මෙතුමාව හිසගසා මරා දැමීමට නියම කළේය. මේ සිදුවිමත් සමග මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා යන ගෞරවාර්ථයට පත්විය. එතැන් සිට සැම පෙබ. 14 දිනය ඒ වෙනුවෙන් ප්‍රචලිත විය. මෙතුමා ආදරවන්තයින්ගේ සාන්තුවරයා ලෙස ගෞරවයට පාත්‍රවීමට ඉහත හේතුව ආසන්නතම හේතුව වූවා සේම එතුමා පිළිබඳ කියවන විවිධ ජන ප්‍රබන්ධද හේතු විය. ඒ අතරින් එක්තරා සිදුවීමකි, 
   එදා මරණයට තීන්දුව ලබා සිරමැදිරියේ සිටින විට ඔහුත් සමග තවත් මරණයට තීන්දුව ලබා සිටි සිරකරුවකුද විය. ඔහුට තම පෙම්වතියට හසුන් පතක් ලිවීමට අවශ්‍ය විය. ඒ සඳහා වැලන්ටයින් තුමා ලස්සන ලිපියක් ලියා යැවීමට මොහුට උදව් කළේය. මේ තරුණිය ද වෙන කවුරුත් නොව මෙතුමාගේ හිස ගසා දමන වදකයාගේ දියණිය විය.එසේම මෙතුමා " ආදරවන්තයින්ගේ වීරයා" ලෙස හැඳින්වීමට තවත් සිදුවීමක් හේතු විය.
   රෝමයේ ටර්නි නගරයේ සෙරපියා නැමති කිතුනු තරුණියක් සෙබලකු සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන තිබුනි. දිනක් මේ තරුණිය සුවකළ නොහැකි බෝවන දරුණු රෝගයක් වැළඳී මරණාසන්න විය. තරුණයා වැලන්ටයින් තුමා බැහැදැක ඇය ඔහුගෙන් වෙන් නොකරන ලෙස අයැදීය. මෙතුමාගේ මැදිහත් වීම මත මේ දෙදෙනා එකටම වාසය කළ අතර අවසානයේ එකිනෙකා වැළඳගෙන මිය ගියහ.මේ අනුව වැලන්ටයින් තුමා සැබෑ ලෙස ප්‍රේමවන්තයින් එකතු කරන්නට, ඔවුන්ගේ අහිසංක ප්‍රාර්ථනා සඵල කර දෙන්නට උපකාර කළේ මහත් භක්තියකිනි. එබැවින් මෙතුමා ජේසු තුමා ඉගැන්වූ සැබෑ ප්‍රේමය ප්‍රායෝගිකවම බලවත් කිරීමට ක්‍රියා කළ නායකයෙකි. සැබෑ ප්‍රේමය තුළ ගොඩනගා ගන්නා විවාහ ජීවිතයකට ආදරයේ වටිනාකමේ වැදගත්කම අවබෝධ කරවූයේය.අවසානයේ මෙතුමා තම ජීවිතය පරිත්‍යාග කළේද සැබෑ ආදරය, විවාහය පවුල් සංස්ථාව ශක්තිමත් කිරීමට උරදීමට ක්‍රියා කිරීම මතය. 
   එබැවින් විවාහ ජීවිතයට ඇතුලත් වීමට සූදානම් වන සැම කෙනෙකුටම ආදරය හඳුනාගෙන කටයුතු කරන ලෙසත්, එයින් විශ්වාසයේ ආදරයක් තුළ ක්‍රියාකිරීම තුළින් සාර්ථක විවාහ ජීවිතයත් ගොඩනගා ගත හැකි බවත් කියා දුනි. එබැවින් මෙතුමාගේ වදන් ආදර්ශයට ගෙන කටයුතු කිරීම ප්‍රේමවන්තයින්ගේ වගකීම මිස පුහු මනස්ගාත මත ක්‍රියා කිරීම නොමනා ක්‍රියා වෙති, එබැවින් මේවා සිහියේ තබා ගෙන පෙබ. 14 දින බහුභූත විගඩම් වලට සම්බන්ධ නොවී සැබෑ ආදරය වෙනුවෙන් වගකීමෙන් ක්‍රියා කිරීම වැදගත් වනු ඇත.

1 comment:

  1. අකුරු පොඩියි පේන්නේ නැහැ.

    ReplyDelete

ස්තුතියි....Thanks...!

SLMR Rank