Monday 12 November 2012

Listen SL Music Radio On Air


WELL COME SRI LANKAN MUSIC RADIO....!
Only Songs...
Every Day at 9.00pm to 11.00pm
Italy

ඔන්න යාලුවේ...මාත් දන්න වැඩකිඩ ඇතුල් කරලා පටන් ගත්තා වෙබ් රේඩියෝ[Web Radio] එකක්.ඔයාලට මතක ඇතිනේ ඉස්සර කාලේ අපි මුලින්ම වැර්ලස්‌ කියලා කිවුව,පෙට්ටියක් වගේ ලොකුවට තිබුණ යන්තරය ආධාරයෙන් තමයි ගීත ඇහැවුවේ.දැකල නැත්තම් මෙන්න බලාගන්නකෝ..



මොකද අද කාලේ ඉන්න නවක පරපුරේ අය කෙතරම් දැනුමෙන් පොහොසත් උනත් ඉතිහාසයේ සමහර තැන් දන්නේ නැහැ,මෙහෙම කිවුවම හිතියි මේක ලියන කෙනත් ඔක්කොම දන්නවද කියලා,නැහැ මම ඔක්කොම දන්නෙත් නැහැ.ඔබ දන්නා දේ මම දන්නෑ,මම දන්න දේ ඔබ දන්නේ නැහැ,ඔබත් මමත් දන්න දේවල් මේ ලෝකේ තියෙන්නේ බොහොම ටිකයි.හරි ඒ වලින් කාරී නැහැ,කියන්න හැදුවේ,මගේ මේ රේඩියෝ එක ගැනයි.ඔය වැර්ලස් එකටත් එහා ගිය ඉතිහාසයක් රේඩියෝ කියන නම හරහා බැදී පවතිනවා,නමුත් ගොඩ දෙනෙකුට රේඩියෝ කියන එක අහන්නත් දකින්නත් ලැබුනේ ඉහත පින්තුරයේ තිබෙන යන්තරේ හරහා,එත් අද වන විට රේඩියෝව ස්මාට්[Smart] වී තිබෙනවා.ඊට නොයෙකුත් අංග එකතුවෙමින් ජනතාව අතරට පැමිණ තිබෙනවා.මේවා හරහා සේවා සපයන ආයතන රැසක් වර්තමානයේ බිහිව තිබෙනවා.ඒවා ඔබ නිවසට පැමිණෙන්නේ තරංගයක් හරහාය,එත් මම මේ ගෙන එන රේඩියෝව ලබා ගන්නට හැකි වන්නේ අන්තර්ජාලය[Internet] ඔස්සේය.ඒ සදහා අවශ්‍ය මොනාද  කියාල කියන්න ඕන නැහැ නේද?

මා මෙය ආරම්භ කරන්න මුලිකම හේතුව වුනේ අද පවතින බොහොමයක් වූ ගුවන් විදුලි සේවාවන් කටයුතු කරන්නේ ලාභය අරමුණු කොට ගෙනය,ඒ නිසා වෙළද දැන්වීම් ප්‍රචාරය වැඩිය.යම් වැඩසටහනක් රසවිදින අතරතුර එකදිගට වෙළද දැන්වීම් ප්‍රචාරය රසවින්දනයට බාධා වීමක් යැයි මාගේ හැගීම,එයට ඔබත් එකග යැයි මම සිතමි.තවද ගොඩදෙනෙක් කැමති ගීතවලට සවන් දෙන්න.එයද විවිධ ස්වරූපයන් ගන්නවා සේම විවිධ භාෂවන්වල ගීත ඇසීමටද ප්‍රියතාවක් දක්වනවා,ඒ අතරිනුත් සමහරෙක් කැමති අලුත් ගීත වලට තව සමහරෙක් කැමති පැරණි ගීත වලට තවත් සමහරෙක් ආසයි නොනවතින ගීත අහන්න,තව කට්ටියක් ඉන්නවා dj,remake අහන්න බලාගෙන.ඔය අතරේ ඉන්නවා සජීවී ප්‍රසංගවල ගීත රසවිදින්න කැමති අයත්,ඔබ මේ පාර්ශවයන්ගෙන් කවුරු වුනත්,මෙම වෙබ් රේඩියෝව ඔබට ගැලපෙනවා සහතිකය.මන්ද ඉහත සදහන් ආකාරයේ සියලූම ගීත ඔබවෙත ගෙන ඒමට සැදිපැහැදී සිටින බැවිනි.ඔබ විසින් මාහට ගීත ඉල්ලීම් කරන්නේ නම් ඒවා ලබා දීම සදහා වැඩි අවදානයක් යොමු කිරීමට බලාපොරොත්තු වේ.ඒ සදහා අවශ්‍ය කටයුතු ද මම විසින් සලසන්නෙමි.

ඔබ නවක ගායකයෙක් නම්,ඔබ සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් නම්,ඔබට අවශ්‍ය නම් ඔබේ ගීතය හෝ පවත්වන ලද සංගීත ප්‍රසංගය ජනතාව අතරට රැගෙනයාම සදහා මගේ මෙම වෙබ් රේඩියෝව එක් මාර්ගයක් කරගන්න,මම කැමති ඒ අවස්ථාව ඔබ වෙත ලගා කරන්නට.ඒ සදහා ඔබ කල යුත්තේ මාගේ ඊමේලය වන hd8826@gmail.com වලට ඔබේ වැඩසටහනේ mp3 ආකාරයේ file format එකක් එවීමය.එවිට හැකි ඉක්මනින් එය ප්‍රචාරය කිරීම සදහා කටයුතු යොදන්නෙමු.

නමුදු මාහට පවතින කාල අවහිරතාව හේතුකොටගෙන සෑම දිනකම ඉතාලි වේලාවෙන් රාත්‍රී 9.00 සිට 11.00 එනම් ලාංකීය වේලාවෙන් රාත්‍රී 01.30 සිට 03.30 ලෙස පැය 2 කාලයකට සීමා කිරීමට සිදුව තිබෙනවා.මෙයින් ඔබට සිදුවන අපහසුතාවයට කණගාටුව ප්‍රකාශ කරමි.


මා මෙම සේවාව ඔබවෙත ගෙන එන්නේ Listen MY Radio උපයෝගී කොටගෙන වන අතර,







වෙබ් ලින්කු 6 ඔස්සේද Sri Lankan Music , SL Music Radio යන බ්ලොග් සයිට් වලට ඇතුළු වීමෙන්ද ශ්‍රවනය කළ හැකිය.මෙම සේවාව ඔබට ශ්‍රවනය කිරීමේ අපහසුතා ඇති වේ නම් එයට හේතු විය හැක්කේ ඔබ බාවිතා කරන අන්තර්ජාල සබදතාවයේ වේග ප්‍රමාණයයි[Internet Speed].එසේ අවහිරතා මතුවන්නේ නම් ඔබ කළ යුත්තේ ඔබේ වෙබ් පිටුව නැවත වතාවක් රිෆ්‍රෙශ් කිරීමය[Refresh],එවිට නැවත මේ හා සම්බන්ද විය හැක.වෙනයම් තාක්ෂණික අපහසුතා මතුවන්නේ නම් මා වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි.

එසේනම් මම හිතනවා ඔබ ශ්‍රී ලංකන් වෙබ් රේඩියෝව සමගින් රැදී සිටීවි කියලා,දිගින් දිගටම.ඒ වගේම මෙහි සිදු වන වෙනස්කම් හා අනෙකුත් සියලූම තොරතුරු පහත ලින්කු[links] හා සම්බන්ධ වීමෙන් ලබාගත හැක.


මාගේ සේවාව ඔබ අගයන්නේ නම් ඉහත පිටු වලට ඇති කැමැත්ත[Like] ප්‍රකාශ කරන්න.එය මෙහි දියුණුවට හේතු වනු ඇත.එහෙනම් මෙම ලිපිය අවසාන කිරීමට අවසර,ඔබ සැමට ජය හා සතුට...!ශ්‍රී ලංකන් මියුසික් රේඩියෝව වෙනුවෙන් ඔබහට මාගේ පැතුමයි.

මීට-DH Arts[ශ්‍රී ලංකන් මියුසික් රේඩියෝව වෙනුවෙන්]

තාක්ෂණික සහාය- හිරුහිමවී
                        Dinuka Ashen

Enhanced by Zemanta

8 comments:

  1. THANKS....GAYANI..!http://dhartsmusic.blogspot.it/ VISIT HEAR..

    ReplyDelete
  2. ela machan... maxa wadak... super hit tikak yanwa.. kammali nathwua ahagena inna puluwan.. aguri bro...

    ReplyDelete
    Replies
    1. thanku wewa...!oya wage rasikayo thamai mekata awashya..page ekata like karanna hodanam..eka thama mage haiya wenne..

      Delete
  3. ඔබේ කටයුත්තට මගේ ලිපිය සහය උනා නම් එය මට සතුටක්..
    ඉදිරිකටයුතුවලට ජයෙන් ජයම වේවා සහෝ!
    Blog එකට Follower Gadget එකත් දැම්මනම් ඔබට එය ලොකු සහයක් වේවි ඔබේ අසන්නන් නිතර දැනුවත් කිරීම් සමග රඳවා තබාගන්නට..
    නැවතත් ජය!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි..එම ගැජට්ටුව හැකි ඉක්මනින් මෙයට අතුලුකරනවා ඇත.

      Delete
    2. එය ඇතුළු කළා..

      Delete
  4. ela patta machaaaaa....
    api enawa radio eka ahanna...

    apith radio ekak karanawa....
    www.srisararadio.com

    jaya ...!

    ReplyDelete
    Replies
    1. patta pata pata...thanks..your comments...oyalage rediyo eka mama ahanawa..best work..good luck....!oyala ge nama thamai nama කටු මැටි ගේ..http://dhartsmusic.blogspot.it/ mekatath awith yanna enna..

      Delete

ස්තුතියි....Thanks...!

SLMR Rank