Wednesday 31 July 2013

භික්ෂූන් වහන්සේලා පවා කඳුළු සැලූ මරණය



"තාත්තාගේ මරණයේදී භික්ෂූන් වහන්සේලා පවා කඳුළු සලනු මා දැක්කා ඉෂාක් බෙග්"

අල්හාජ් මොහිදීන් බෙග් ගායකයාණන්ගේ ගීතයක් නෑසෙන වෙසක් උත්සවයක්, ‍පොසොන් උත්සවයක් නැත. රට පුරා ඉදිවන තොරන්, දන්සල් වෙසක් කලාපවල සාර්ථකත්වය වැඩිකර ගැනීමට පසුබිමින් ඇසෙන්නේ ඔහුගේ ගීත ය. රට පුරා විහාරස්ථානවල බෞද්ධ වැඩසටහන්වලදී රැව් දෙන්නේ ඔහුගේ එම ගාම්භීර හඬය. තව වසර ගණනාවක් ගියද ඒ හඩින් ගැයූ බොදු ගී හෙළ බොදු සමාජය තුළ රැව්පිළිරැව් දෙනු ඇත. ඉස්ලාම් භක්තියකු වුවද මෙම විශිෂ්ට ශ්‍රී ලාංකීය පුරවැසියා මෙරට සංගීත ක්ෂේත්‍රය සහ බෞද්ධ ජන සමාජය වෙනුවෙන් ඉටු කළ උදාර මෙහෙයට කළගුණ සැලකීමක් ලෙස මේ වෙසක් සමයේ අපි ‘බෙග් මාස්ටර්’ පිළිබඳව මතකය අවදි කරන්නට සිතුවෙමු. ඒ සඳහා අප ඔහුගේ පුතු ඉෂාග් බෙග් සම්බන්ධ කර ගත්තේ මෙලෙසිනි.


Read More

Monday 29 April 2013

Babara Nade...-Back Ground


තඹ පැහැති කොණ්‌ඩය…… නිල් නෙතු ඉවෝන් ජොන්සන්ගේ රූමත් බව වැඩියෙන් කැපී පෙනෙන්නට හේතුවක්‌ විය. දහනව හැවිරිදි ඉවෝන් ඉගෙනුම ලබමින් සිටියේ ඇමරිකාවේය. ඇගේ නැගණිය කරලැයින් මරීනා….. අක්‌කාට වඩා අවුරුද්දකින් බාලය…….. ඉවෝන් මෙන්ම කරලැයින්ද රූමත්ය. මේ දෙදෙනාගේම මව….. ශ්‍රී ලාංකීය කාන්තාවකි. එහෙත් පියා රොජර් ජොන්සන් ස්‌වීඩන් ජාතිකයෙකි. කෝටිපති ව්‍යාපාරිකයෙකි.

මොවුන් සිව්දෙනාම මෙරට පදිංචිව සිටියේ රාජගිරිය රෝයල් පාර්ක්‌ නිවාස සංකීර්ණයේ ය. එහි විසිතුන්වැනි මහළේය.

Read More

Tuesday 9 April 2013

මාරම්බරී...


"මම ගීතයක් ගැයුවේ අවුරුදු ගානක් කෝරස් කියලා"


රෝහණ වීරසිංහයන්ගේ මියුරු ගී තනුවකට කුමාරදාස සපුතන්ත‍්‍රී ලියූ මාරම්බරී වූ කලි විශාරද එඞ්වඞ් 

ජයකොඩි මීට දශකයකට පමණ ඔබ්බෙහිදී ඉර හඳ යට නම් කැසට් පටයට ගැයූ ගීතයකි. පසුකලෙක 

නිකුත් වූ අකුරු මැකී නෑ නම් වූ සංගත තැටියටද එකතු වූ මේ මියුරු ගීතය. අද වනවිට වඩාත් ජනප‍්‍රියව 

ඇත්තේ එඞ්වඞ් ජයකොඩිගේ ඒකපුද්ගල ගීත ප‍්‍රසංගය එනමින් හැඳින්වෙන නිසාය.

මාරම්බරී ශාස්ත‍්‍රීය ගීතයක් වූ නමුදු අදටත් එදා සේම ජනප‍්‍රියත්වය අඩුවක්ව නැත්තේය. එඞ්වඞ්ගේ මාරම්බරී 


ප‍්‍රසංගයේ ඇරැඹුම සිදුවන්නේ 2010 වසරේදීය. ඒ වනවිට එඞ්වඞ් සංගීත ක්ෂේත‍්‍රයට පිවිස තිස් පස් වසරක් 

ගතව තිබිණි. ඔහු සතුව තිබූ ගීත ගණන දෙසීයද ඉක්මවා තිබුයෙන් එඞ්වඞ්ගෙන් ඒකපුද්ගල ගී ප‍්‍රසංගයක් 

ඉල්ලා සිටි පිරිස අපමණ විය. 

”මට තාම ඒකට කාලෙ ඇවිත් නැහැ.”

ඒ හැමෝටම එඞ්වඞ් කීවේ, ඔහු සතු නිහතමානී හිනාවෙන් මුව පුරවා ගනිමිනි. එහෙත් ඔහු ආචාර්ය 

වික්ටර් රත්නායකගේ ස ප‍්‍රසංගයේ කෝරස් කීම ඒ වනවිටත් කරගෙන ගියේය. 

ඒ කෝරස් කීම නිසා මට ඒකපුද්ගල ප‍්‍රසංගයක් පිළිබඳව දැනීමක් වැටහීමක් ලැබිලා තිබුණා. ඒකපුද්ගල 


ප‍්‍රසංගයක් කරනවා කියන්නෙ බොහොම අමාරු අසීරු වැඩක් කියන වැටහීමත් මා තුළ තිබුණා. ඒ මොකද 

පැය දෙක හමාරක් යනකම් රසිකයාව ඇද බැඳගෙන තියාගත යුතු නිසා. එඞ්වඞ් එවර ගාම්භීර පෙනුමක් 

මවා ගත්තේය. 

සැබවි! එඞ්වඞ් නිවැරැදිය. එහෙත් අවසානයේදී ඔහු සුවහසක් රසික ඉල්ලීම් වලට හිස නැමුවේය.

ඒක පුද්ගල ප‍්‍රසංගයක් කිරිමට කැමැත්ත පළකළ ඔහු ඊළඟට සිය මිතුරන් සමග මේ ප‍්‍රසංගය ගැන කතා බහ 


කළේය. අවසානයේ ප‍්‍රසංගය පැවැත්වීමටත් එහි නම ලෙස මාරම්බරී නම යොදාගන්නටත් එකඟ විය .

”මුල්ම මාරම්බරිය පැවැත්වුනේ බී.එම්.අයි.සී.එච්. එකේ.”

එඞ්වඞ් මතකය අවදි කළේය. 

මේ ප‍්‍රසංගයේ වූ සුවිශේෂත්වය කුමක්දැයි මම ඇසුවෙමි. ඒ මතක, චරිතාටත් මතක තිබූ බැවින්, ඇය කතාව 


ඇරඹුවාය.

සුළඟක් වී මම එනවා සිංදුව මාරම්බරී ෂෝ එකේ තියෙනවනෙ. ඉතින් එදා මංගල දර්ශනය දවසෙ එඞ්වඞ් 


එක්ක නතාශා සිංදුව කියාගෙන ගියා. එයා සිංදුවෙ මැදක් දක්වා විතරයි කිව්වෙ. ඊට පස්සේ ශාරන්‍යා 

වේදිකාවට ගොඩවුණා. නතාෂා, ශාරන්‍යාගේ අත් දෙකින් අල්ලාගෙන එයාට වේදිකාව බාරකරලා බැහැලා 

ගියා. එතන ඉඳල, සුළඟක් වී සිංදුව දිගටම කියන්නෙ ශාරන්‍යා අපේ දු.
අපේ මුල්ම මාරම්බරී ප‍්‍රසංගයේ තවත් අපූරු වැඩක් වුණා. එඞ්වඞ් යුග ගීත ගණනාවක්ම කියල 

තියෙනවනෙ. අනික ඒ යුග ගීත වැලක් වගේ මේ ප‍්‍රසංගයේදී ඉදිරිපත් කෙරුණා. හැබැයි හැම යුග ගීතයකම 

කොටසක් විතරයි ගැයුනෙ. එඞ්වඞ් එක්ක චන්ද්‍රානි ගුණවර්ධන, ලතා මඩුල්ලක් කතා කරනවා තුරුලට 

එන්න කියා කියන සිංදුව කියනවා. ඒකෙන් කොටසක් කියූ චන්ද්‍රානි වේදිකාවෙන් බහිනකොට ධම්මිකා 

වල්පොල එනවා. හමුවන්නට පෙර ලෙසින් සිංදුව කියාගෙන. එයා බහිනකොට නෙරංජලා සරෝජිනී 

එනවා සීතල පිනි කියාගෙන. එයා බහිද්දී පුන්‍යා කත‍්‍රිආරච්චි බකිනි මලෙන් සිංදුව කියාගෙන එනවා...

එයා යද්දී උරේෂා රවිහාරි, නැව් නැගලා සිංදුව කියාගෙන... ඔය විදිහට කෙරුණු යුග ගී වැල පළමුවැනි 


ප‍්‍රසංගයට හරිම ආලෝකයක් වුණා.
එතැන් පටන් මාරම්බරී රට වටේ ගියේය. නොනවතින ගමනක් ඇතිව රට වටේ ගිය මාරම්බරී ප‍්‍රසංගය 

2012 ගිය වසරේදී එඞ්වඞ්ගේ උපන්දිනය දා පැවැත්වුනේ කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදීය.

ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ ප‍්‍රසංගාය, මාරම්බරී ප‍්‍රසංග මාලාවේ සුවිශේෂතම ප‍්‍රසංගය 


වූයේය.
නෙළුම් පොකුණෙ ප‍්‍රසංගයක් කරන්න වාසනාවක් තියෙන්න ඕනෙ... එකක්, ඒ වගේ රඟහලක් අපිට 

ලැබුණෙත් වාසනාවට. ඒකෙ ප‍්‍රසංගයක් තියන්න ඉඩක් ලැබෙන්නෙත් අපේ වාසනාවට.

චරිතා, නෙළුම් පොකුණ ප‍්‍රසංගය ගැනද කතාවට එක්වූවාය.

”නෙළුම් පොකුණ ප‍්‍රසංගයේදී පලංචියේ ලී ඉරුවේ සිංදුවත් කිව්වා. සුනිල් එදිරිසිංහ එදා නෙළුම්පොකුණට 


ආවා.

මේ මියුරු ගී ප‍්‍රසංගය ලංකාවට පමණක් සීමාවූයේ නැත. එය විවිධ දේශවලටද මිහිර රැගෙන ගියේය. 


ඉතාලිය, ප‍්‍රංශය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, කුවේට්, ලන්ඩන් ඇතුළු රටවල් රැසක වෙසෙන ලාංකීය ගීත 

ලෝලීන්ගේ මනදොළ පිරවූයේය.

ඒ ආ ගමනේ පනස්වැන්න පැවැත්වෙන්නේ මෙම අපේ‍්‍රල් 06 වැනිදා කොළඹ ආනන්ද විද්‍යාලයීය රංග 


ශාලාවේදීය. එදින එඞ්වඞ්ගේ තවත් උපන්දින සැමරුමකි.

”මේ ප‍්‍රසංගයේදීත් අපි අමුතුම දේවල් ටිකක් ඉදිරිපත් කරන්නයි සැලසුම් කරගෙන ඉන්නෙ. හැබැයි ඒක 


දැම්ම කියන්නෙ නෑ”
එඞ්වඞ් චරිතා යුවළ කියයි.

මාරම්බරී ප‍්‍රසංගය අපි පවත්වන්නෙ පවුලෙ හැමෝටම. හුඟාක් වෙලාවට මේ වගේ ප‍්‍රසංග වලින් ළමයි 


අයින් වෙනවා වගේ පෙනෙන්න තියෙනවා. ඒ නිසා අපි, අපේ ප‍්‍රසංගයෙ ළමයින් වෙනුවෙනුත් ගීත 

කීපයක්ම ගයනවා. සුළඟක් වී, කොප්පර කොප්පර පිපිඤ්ඤා, අකුරු මැකී නෑ වගේ ගීතවලට ළමයි හුඟාක් 

ආදරය කරනවා. එතකොට නිහඬ කල්පනා, වසන්තයේ අග හමුවෙමු වගේ ගීතවලට යෞවනය ආදරය 

කරනවා. ඔය වගේ හැම වයස් කාණ්ඩයකම රසික රසිකාවන් මාරම්බරී ප‍්‍රසංගයට ආකර්ෂණය කරගන්න 

අපි වෙහෙසවෙනවා.” 

මාරම්බරී ප‍්‍රසංගය කොහොමටත් පවුලේ ප‍්‍රසංගයක් වැන්න. මෙහි ගී එඞ්වඞ්, චරිතා සහ ශාරන්‍යා ගෙනි. 


යුග ගායනාවලින් තවත් ඔවුන් සමග සම්බන්ධ වන ගායිකාවක සිටී. ඇය ශ‍්‍රියා කාරියවසම්ය.

රෝහණ වීරසිංහ ප‍්‍රමුඛ පිරිසගේ සංගීතයට අනුව ප‍්‍රසංගය ඉදිරිපත් කරන්නේ ගුවන්විදුලි නිවේදක වසන්ත 


රෝහණය. ප‍්‍රසංගයේ පිටපත පෙළ ගැහෙන හැටි ගැන ඔහුගෙන් ද ඇසුවෙමි.

”ප‍්‍රසංගය පටන් ගන්නේ කරදිය ගැඹරේ සිංදුවෙන්. මේ සිංදුව කියන්න කලින් එඞ්වඞ් ඔහුගේ සංගීත 


ගමන්මග ගැනත් කතා කරනවා. ඔහු අවුරුදු පහක් විතර වෙනතුරු කිව්වෙ කෝරස්. ඊට පස්සෙ ආධුනික ගී 

තරඟවලට සහභාගි වෙනවා. පිබිදෙන ගායක පරපුරෙන් තමයි ඔහු මතුවෙන්නෙ. ඔය විදිහට අවුරුදු 

දහයක් දොළහක් ගියාට පස්සෙයි මුල්ම සරල ගීතය ගයන්නෙ. ඒක තමයි කරදිය ගැඹරේ තුන්යම 

ගෙවුණේ ගීතය.
ඒ ගීතයත් එක්ක මට මතක් වෙන්නෙ මගේ පාසල් ජීවිතය. මම ඉස්කෝලෙ යන්න සූදානම් වෙනකොටම 

අරුණ කිරණ වැඩසටහනෙන් කරදිය ගැඹරේ ගීතය යනහැටි මට මතක් වෙනවා.”
ඒ වසන්ත රෝහණය. 

මාරම්බරී පනස් වැනි පියවර දාටත් අනෙකුත් ප‍්‍රසංගවලදී මෙන්ම ජනප‍්‍රිය ගීතාවලියක් පෙළ ගැසීමට 


නියමිතය. කැරකෙන රෝදේ පුංචි කරත්තේ, පින්න මලේ සුද, නිල් නුවන් පෙනෙන, වසන්තයේ අග 

හමුවෙමු සොඳුරිය, මේ ඉර හඳ යට හමුවී දේදුනු පාලම ළඟ එකී ගී අතර වෙයි.

” ඒ වසන්ත රෝහණගේ සුන්දර මතකයයි.

ඉතින් ආදරණීය ගායක එඞ්වඞ් ජයකොඩිට සුබ උපන්දිනයක් ප‍්‍රාර්ථනා කිරීමටද මේ ප‍්‍රසංගය අවස්ථාව 

උදාකර දෙයි. ඒ වෙනුවෙන් ඔහු අපට ලබාදෙන තිලිණය මාරම්බරීය.

එඞ්වඞ්, ඔබට සුබ උපන් දිනයක්.... පාඨක ඔබ වෙනුවෙන් සඳැල්ලේ පැතුම එයයි.



ශා
න්ත කුමාර විතාන
Read More

Tuesday 26 March 2013

නූර්ති ගීයට පෙම් බැදී ගායිකාව


මරදාන ටවර් රඟහලෙහි වෙස්සන්තර නාටකය වේදිකා ගත වෙමින් තිබිණි. එක් ජවනිකාවක් අවසන්ව තවත් ජවනිකාවක් සඳහා වෙනත් නළු නිළියන් වේදිකාවට පිවිසි අතරවාරයේ විමලා නම් නිළිය වහාම වේදිකාවේ පසුපසට දිව ගියාය. එතැන කුඩා බිළිඳියක දෝතින් ගත් කාන්තාවක පුටුවක වාඩි වී ඒ බිළිඳිය නලවමින් සිටියාය. එහෙත් ඒ පුංචි එකී සිටියේ බඩගින්නේය. පුංචි කට අරිමින් ඈනුම් පිටකරමිනි. 


මගේ දෝනිට බඩගිනිද පුතේ...” 

නිළිය වහාම අර බිළිඳිය දෝතින් ගෙන ඇයට කිරි පොවන්නට පටන් ගත්තාය. විනාඩි පහක් පමණ තිස්සෙ බිළිඳිය මවගේ ලැමදෙන් කිරි උරා බිව්වාය. ඇයට තවත් බඩගිනිය. තවත් කිරි අවශ්‍යය. අම්මා අනෙක් පියවුර බිළිඳියගේ දෙතොල් අතර තබන්නට සැරසුනා පමණි. 

Read More

Tuesday 12 March 2013

Nihal Nelson With 50 Years

එදා ඒ පත්තු කරපු මල් වෙඩිල්ල අවුරුදු පනහක් තවම පත්තු වෙනවා..

   නිහාල් නෙල්සන් හරියටම 1963 මාර්තු 31 වැනිදා දවල් එකොළහයි විස්සට ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් කරුණාරත්න අබේසේකර ශුරීන් මගේ මුල්ම ගීතය රසිකයා අතරට ඉදිරිපත් කළේ මෙන්න මෙහෙමයි.
“අද මේ වැඩ සටහනින් මම මල් වෙඩිල්ලක් පත්තු කරනවා. ඒ මල් වෙඩිල්ල උඩ ගිහිල්ලා බිමට නොවැටි සදාකාලිකවම ආලෝකය ලෝකයාට සපයන මල් වෙඩිල්ලක් වෙන බව සහතිකයි. මේ ගායකයා - නිහාල් නෙල්සන්.”එදා ඔහු මාව ඉදිරිපත් කළේ එහෙමයි. අද මට සතුටු වෙන්න පුළුවන් අබේසේකර ශූරීන්ගේ ඒ දැක්ම සැබෑ වී එදා මාව පිළිගත්ත රසිකයා අද වනතුරු මාව ආරක්ෂා කරගෙන තිබ්බ තැනම තිබීම ගැන. මේ රටේ රසිකයින් ගායකයකු ලෙස නිහාල් නෙල්සන්ව අවුරුදු පනහක්ම රැක ගත්තා. බිමට වැට්ටුවේ නැහැ. ඒ මල් වෙඩිල්ල තාමත් පත්තු වෙනවා. එතකොට මේ ‘ලස්සනට පිපුණු වනමල්’ ගීතයට තමයි අවුරුදු පනහ ලබන්නේ.”
Read More

Friday 8 March 2013

ආදරය මිය යාම..


සොඳුරිය මට නොකියාම ගියා..!
  දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනවා. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දු ලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියලා... සනත් නන්දසිරි හොඳින් පද පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...
Read More

Friday 15 February 2013

මිනිසෙකු නික්ම යැවීම..


  අපේ ජීවිත වලින් කොතරම් මිනිසුන් ඈත්වී යන්නේද?ඔය අතරේ අප බොහෝ ආදරය කළ,ලෙන්ගතු වුන,ජීවිත ගොඩ නගාපු,සිතට සතුට වින්දනය ගෙනාපු අය කොතෙක් ඉන්න ඇද්ද?අපට එවන් මිනිසුන්ගේ නික්මයාම බොහෝ විට දුක වේදනාව ගෙන දෙන්නක් වන්නේය.එත්..අප සැවොම ආදරය කළ අපටද ආදරය කළ සියලුම දෙනා වෙනුවෙන් තම කැපකිරීම් කරපු කෙනෙක් නික්ම නොයා නික්ම යැවුවොත් කොහොමද?දැනෙන්නේ..ලොකු වේදනාවක් දැනේවි නේද?ඔව්,ලොකු වේදනාවක් දැනේවි..අද කියන්නේ එවන් දැනුනු වේදනාවක් ගැනයි.
Read More

SLMR Rank